gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්, ගම්මන්පිල, සාගර, වාසු ඔක්කොමලා එකයි... ඔක්කොම එක දේශපාලන පවුලක් - ඇමති ඩලස්

රට වසාදැමීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ යොමු කළ ලිපිය නිසා හෝ එම ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා එල්ල කළ විවේචනය නිසා හෝ ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි සමගියට කිසිදු බාධාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි. 

"සාගර කාරියවසම් මැතිතුමා කියන්නෙ අපේ සන්ධාන ආණ්ඩුවෙ ප්‍රධානම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා. ඉතිං ඒවගේම එතුමා අදහසක් පළ කළා ඉතිං, ඒකෙන් අපේ සමගිය පළුදු වීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. දැන් ඔවැනි හීනයක් දැක්කා විශ්වාසභංග යෝජනාව වෙලාවෙදිත්. නමුත් විශ්වාසභංග යෝජනාවේ ඡන්දය ගණනය කිරීමේදී අපි දැක්කා එවැනි අර්බුදයක් ආණ්ඩුව ඇතුළෙ නෑ කියලා. ඒවගේම තමයි මේකත්. 

අපි සියලු දෙනාම ඉතාම කැපවීමෙන් මේ ආණ්ඩුව ගොඩනගන්න, පවත්වාගෙන යන්න මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරපු අය. විමල් වීරවංශ ඇමතිතුමාත් එහෙමයි, උදය ගම්මන්පිල ඇමතිතුමාත් එහෙමයි, වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් එහෙමයි, සාගර කාරියවසම් මැතිතුමාත් එහෙමයි, අපි එක දේශපාලන පවුලක්"

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka