ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ - සැප්තැම්බරයේ මරණ දස දහසක්!
ඉදිරි සැප්තැම්බර මාසයේදී මෙරට තුළ කොරෝනා මරණ 6000-10000 අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානම ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරට තුළ පෙර රැුලිවලට වඩා භයානක පස්වන කොරෝනා රැල්ලක් ඇති වීමේ තත්ත්වයක් තිබෙන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
වෛරසයේ ප්‍රභේද වෙනස් වීමේ ක්‍රියාවලිය මීට වඩා දරුණුවට බල පෑ හැකි බවත් එන්නත් වලට ප්‍රතිරෝධ වැඩි වශයෙන් ඇතිවිය හැකි බවත් ඒ මහතා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ - සැප්තැම්බරයේ මරණ දස දහසක්!
2021-08-25T08:26:00+05:30
Gossip Lanka Hot News





