කොවිඩ් ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සුවය ලබා නිවෙස බලා පිටත්ව ගියේය.
තමන් කොවිඩ් ආසාදිතව රෝහල්ගත වූ මොහොතේ සිට සුවය පතා ආශීර්වාද කළ සැමට ස්තුතිවන්තවන බව ද ඔහු පවසයි.
වට්ස්ඇප් ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් තමන්ට අසාධ්‍ය බව කියා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ අයට අනුකම්පා කරන බවද ඔහු කියයි.
මෙම රෝගය වැළඳුණු බව දැනගත් පළමු දවසේ දීම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් තමන් එම ක්‍රියා පිළිවෙත අනුගමනය කළ නිසා නැවත සුවයෙන් නිවසට යන බවත් ඔහු පවසා සිටී.
නිවසේ දින 14ක කාලයක් නිරෝධායනයෙන් අනතුරුව නැවත රාජකාරි කටයුතු ආරම්භ කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
- කීර්ති ප්‍රනාන්දු
