gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැප්තැම්බර් 18 ට කලින් ඇරියොත් රටම අනතුරේ

අවම වශයෙන් ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා වත් දැඩි සීමා ක්‍රියාත්මක නොකරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත්කර ඇති ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව පවසනවා. ලබන 18 වැනිදා දක්වා සීමා ක්‍රියාත්මක වියයුතු බවත් තවදුරටත් සීමා දැඩි කළයුතු බවත් එම කමිටුව අවධාරණය කරයි.

එවැනි පියවරක් ගතහොත් කොවිඩ් වසංගතය නිසා අහිමිවීමට නියමිත ජීවිත 7500 - 10,000 ත් අතර ප්‍රමාණයක් බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි විශේෂඥ කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම කමිටුව ඊයේ රැස් වී තිබෙන අතර පසුගිය කාලසීමාව තුළ මෙරට වසංගත තත්වය පැතිර යාම පිළිබඳ ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් නවතම වාර්තාව නිකුත් කර තිබෙනවා. අදාල වාර්තාවට අනුව මේ වනවිට ඩෙල්ටා වෛරස ප්‍රභේදය බස්නාහිර පළාතෙන් පිටත විවිධ ප්‍රදේශවල සීග්‍රයෙන් පැතිර යමින් පවතී. මේ නිසා ඉදිරි සති කිහිපය තුළ රටපුරා දැඩි සීමා ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වේ.

මේ වනවිට සෞඛ්‍ය සේවකයන් අතරද වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් තිබෙන බවත් ඉදිරියේදී රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටීමේ අනතුරක් තිබෙන බවත් පෙන්වා දෙන විශේෂඥ කමිටුව පවසන්නේ දෛනික ආසාදිතයන් ප්‍රමාණය හැකිතරම් සීමා කිරීම හරහා එම කඩා වැටීම අවම කරගත හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවන අතර වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරන විශේෂඥයන් පිරිසක්ද මෙම කමිටුවට ඇතුළත් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka