gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා වසංගත මර්දනයට තියන ඔක්කොම සල්ලි වියදම් කරන්න බෑ - නාලක ගොඩහේවා

රජයේ සියලු වියදම්, සංවර්ධන කටයුතු අත්හිටුවා එක් දෙයක් වෙනුවෙන් පමණක් මුදල් වැය කළයුතු යැයි කීම ආර්ථිකය ගැන කිසිදු අවබෝධයක් නොමැතිව, නොදැනුවත්කම මත සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව අගතියට පත්කර කපටි දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

වසංගත තත්වයක් රටේ පැවතියද රජය සිදු කරන සංවර්ධන කටයුතු කිසිසේත්ම අත්හිටුවිය නොහැකි බවත්, සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදු වුවහොත් ආර්ථිකයට ඉන් සෘජු හා වක්‍ර ලෙස දැඩි අහිතකර බලපෑමක් සිදුවන බවත් ගොඩහේවා මහතා සඳහන් කරනවා.

'මෙච්චර ප්‍රශ්ණයක් රටේ තියෙද්දී ආන්ඩුව ඕවද කරන්න ඕනෑ ?' ඔබ මෙවැනි ප්‍රකාශ මුහුණු පොතේ දැක ඇති බව නොඅනුමානයි.
රටක ආර්ථිකය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. රට තුල සිදුවන ගණුදෙනු ( Exchanges) ප්‍රමාණය වැඩිවන විට දල ජාතික නිශ්පාදිතය වැනි රටේ ආර්ථිකය මනිනා දර්ශක ඉහල යාමක් දැකිය හැකි අතර ගණුදෙනු ප්‍රමාණය අඩුවන විට එම දර්ශක පහල යනවා දැකිය හැක.

ආර්ථික අවපාතයක් ඇති විට ආර්ථිකය සක්‍රීය කිරීම සඳහා කල යුත්තේ රටේ මුදල් භාවිතය නියාමනය කරන්නා ලෙස රජයේ මැදිහත් වීමෙන් කරනා සංවර්ධන කටයුතු තවත් සක්‍රීය කිරීම මිස රජය විසින් පටි තද කර ගැනීම නොවේ (මේ කතා කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල විශාල වශයෙන් සිදුවන නාස්තිය අඩු කර ගැනීම ගැන නොව පලදායී සංවර්ධන වියදම් කපා හැරීම ගැනය).
 
මන්ද රජය විසින් කරනා සෑම වියදමක්ම තවෙකෙකුට ආදායමක් වී (කොන්ත්‍රාත් කරුවන්ට හා සැපයුම්කරුවන්ට ආදායම් ඔවුන්ගේ සේවකයන්ට වැටුප් ආදී වශයෙන්) රට තුලට ගලා යන නිසාය.

මේ මුදල් ඔවුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් යලි යලිත් සංසරණය වන විට තවත් බොහෝදෙනෙකුට එය ආදායමක් වේ (කඩ හිමියන්, නිශ්පාදකයන් ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම හා ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ආදී වශයෙන්). ආර්ථිකය සක්‍රීව පවත්වාගැනිමට එය රුකුලක් වේ.

ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීමට, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රජයට ඍජු හා වක්‍ර බදු මුදල් එකතුවන්නේ ආර්ථිකය සක්‍රීය පැවතියොත් පමනි. රටේ ජනතාව ක්ෂේත්‍ර ගනනාවක රැකියා හා ව්‍යාපාර කරති.

ඒ නිසා මේ වෙලාවේ රජය අන් සියළු වියදම් නවතා ඒ සියල්ල එක් දෙයක් වෙනුවෙන් පමනක් වියදම් කල යුතුය කියා කීම ආර්ථිකය ගැන කිසිදු අවභෝධයක් නැත්තෙකු නොදැනුවත්කම කරනා නිසා ප්‍රකාශයකි, එසේත් නැත්නම් සිතා මතා රටේ ජනතාවට අගතිය ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙකුගේ කපටි දේශපාලන ප්‍රකාශයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka