කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනයද? ඇමැති දැන් කියන්නේ මොනවාද?
‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට හේතුව පාචනය බවට තමන් ප්‍රකාශ කළ බවට පළවන වාර්තා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කරගත යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයක් මගින් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
හස්තියාගේ මරණයට හේතුව පාචනය බව තමන් කිසිදු අවස්ථාවක පවසා නොමැති බව ඔහු සඳහන් කළේය.
දේශපාලනඥයන්ගේ හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක පෞද්ගලික මතවාද හෝ අනුමානයන් මත පදනම්ව මරණයට හේතුව තීරණය කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවට විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණ මෙන්ම නිල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් එය තහවුරු කරගත යුතු බව පැවසීය.
ඇතා මියගොස් ඇත්තේ පාචනය හේතුවෙන් ද, වෙඩි වැදීමකින් ද, නැතහොත් වෙනත් හේතුවක් නිසා ද යන්න තීරණය කළ යුත්තේ ඊට අදාළ විමර්ශනවල සොයාගැනීම් මත පමණක් බව ද වෛද්‍ය ධම්මික පටබැඳි වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනයද? ඇමැති දැන් කියන්නේ මොනවාද?
2026-11-23T13:26:00+05:30
Gossip Lanka Hot News






