ධම්මිකගේ හේලීස්ට ඉතිහාසය අමතක වෙලා?; හේලීස් ජනතාවගෙන් සමාවගත යුතුයි? (Video)
සමාගම්වල ආදායම්, ලාභ සහ ව්‍යාපාරික වර්ධනය පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන ධම්මික පෙරේරා සම සභාපතිත්වය දරන හේලීස් සමාගමට සිය මූල්‍ය ඉතිහාසය පිළිබඳ මතකය අමතක වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
මේ ප්‍රශ්නය මතුවන්නේ හේලීස් සමාගම පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සහ ඒ ආශ්‍රිතව පළ වූ ප්‍රවෘත්ති වාර්තා හේතුවෙනි.
2026 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස හයක කාලය තුළ රුපියල් බිලියන 358ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කළ හේලීස් සමාගම, ඇමරිකානු ඩොලර් බිලියනයක අර්ධවාර්ෂික ආදායම් සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකික ලැයිස්තුගත සමාගම තමන් බවට ප්‍රචාරය කර තිබේ.
නමුත් මේ ප්‍රකාශයේ ඇති ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ මීට පෙරත් සමාගමක් එම සීමාව පසුකර තිබීමයි.
ඒ වෙනත් සමාගමක් නොව Expolanka Holdings PLC ය.
2022දීත් ඩොලර් බිලියන 1.09ක ආදායමක්!
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක්ව පැවති Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස හයක කාලය සඳහා ඉදිරිපත් කළ අතුරු මූල්‍ය වාර්තාවේ දැක්වෙන්නේ රුපියල් 396,950,279,206ක ආදායමක් වාර්තා කර ඇති බවයි.
එනම් රුපියල් බිලියන 396.95කි.
එවකට පැවති විනිමය අනුපාතය අනුව එය ඇමරිකානු ඩොලර් බිලියන 1.09කට ආසන්න මුදලකි.
එම වාර්තාවේ තවත් විශේෂත්වයක් වන්නේ Expolanka සමාගම එම මාස හය තුළ රුපියල් බිලියන 29.21ක බදු පසු ලාභයක් ද වාර්තා කර තිබීමයි.
එසේම Expolanka Holdings PLC ආයතනය 2021 වසරේදීද මේ සමත්කම දක්වා ඇති බව ආර්ථික විශ්ලේෂකයින් කියා සිටී.
සමාව ගත යුතු නැද්ද?
ධම්මික පෙරේරා යනු සංඛ්‍යා, මූල්‍ය දත්ත සහ ව්‍යාපාරික කාර්යසාධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ව්‍යාපාරිකයෙක් බැවින් ව්‍යාපාරිකයකු සම සභාපතිත්වය දරන සමාගමකින් නිකුත් වන මාධ්‍ය ප්‍රකාශයක ඓතිහාසික මූල්‍ය දත්ත පිළිබඳව මීට වඩා පරිස්සමි විය යුතුබව ආර්ථික විශ්ලේෂක මතය වේ.
ඔවුන් පෙන්වාදෙන්නේ සමාගමක ජයග්‍රහණයක් ප්‍රචාරය කිරීමේදී විශාල ප්‍රචාරණයක් ලබාගැනීමට PR කණ්ඩායම් උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක් බවත්, එහෙත් එම ප්‍රචාරය සත්‍ය කරුණු මත පදනම් විය යුතු බවයි.
සංඛ්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් කුඩා අතපසුවීමක් පවා සමාගමක විශ්වසනීයත්වයට බලපාන විට, ඓතිහාසික වශයෙන් වැරදි ප්‍රකාශයක් රටේ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම සුළුකොට තැකිය බවද ඔවුහු කියති.
PR කණ්ඩායමට වැරදිය හැකිය. නමුත් වැරැද්ද පෙන්වා දුන් පසුවත් එය නිවැරදි නොකර සිටීම පිළිගත හැකි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරයි,
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ උපාධි ධාරියෙක් හා රයිස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින දමිත් ප්‍රියදර්ශන මහතා විසින් "DaminiTinvest" යන නමින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ආයෝජන අධ්‍යාපන වේදිකාවේ මෙසේද විවේචනය කර තිබිණි.
ධම්මිකගේ හේලීස්ට ඉතිහාසය අමතක වෙලා?; හේලීස් ජනතාවගෙන් සමාවගත යුතුයි? (Video)
2026-11-23T13:20:00+05:30
Gossip Lanka Hot News








