gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශෂී වීරවංශට සිර දඬුවම් ස්ථිර කෙරේ!

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ස්ථිර කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිර දඬුවමෙන් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රක්ෂිත බන්ධනාගාර භාරයට ගැනීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නියමිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ වරදට රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති හෙවත් ශෂී වීරවංශ නමැත්තියට එරෙහිව 2022 මැයි 27 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදී. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක්ද ඊට ඇතුළත් විය.

එම තීන්දුවට එරෙහිව ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර, දීර්ඝ විභාගයකින් පසු 2026 ජූනි මස 11 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා, මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සම්පූර්ණයෙන්ම ස්ථිර කරමින් ඇයගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේදී ඔහුගේ බිරිඳ වෙනත් උපන් දිනයක් සහ වෙනස් ජාතික හැඳුනුම්පත් අංකයක් සඳහන් කරමින් මෙම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය කූට ලෙස සකස් කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් 2015 වසරේදී විමර්ශන අරඹා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka