gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිගේ සිර දඬුවම අභියාචනාධිකරණයෙන්ද ස්ථිර කරයි

ඉස්ලාම් දහමට නිග්‍රහ වන අයුරින් ප්‍රකාශ සිදුකර ආගමික සහජීවනයට බාධා කිරීමේ වරදට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මඟින් නියම කර තිබූ සිව්වසරක (04) බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය අද තහවුරු කළේය.

මහාධිකරණය ලබාදුන් එම වරදකරු කිරීමේ තීන්දුව සහ සිර දඬුවම බලරහිත කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඓතිහාසික කූරගල පුදබිම සම්බන්ධයෙන් 2016 මාර්තු මස 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය, විත්තිකාර ඥානසාර හිමියන් අදාළ චෝදනාවලට වරදකරු බවට තීන්දු කරමින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් මෙන්ම රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළේය. එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනාධිකරණය හමුවට ගියද, අභියාචනාධිකරණයද මහාධිකරණ තීන්දුව නීත්‍යනුකූල බව පෙන්වා දෙමින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka