සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි.. සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය
ආන්දෝලනයට ලක්ව තිබූ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crime Bill) මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
ඒ අනුව, යෝජිත සංශෝධන කිහිපයකට යටත්ව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මගින් පෙන්වා දී තිබේ.
කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද විශේෂ සංශෝධනයන් ද පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි.
මේ පුවත තව අයට බලන්න
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි.. සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය
2026-11-21T14:31:00+05:30
Gossip Lanka Hot News






