gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හරක් කේස්එක ඇදෙද්දී ඇක්සස් සුමල් රටින් ගිහින්?; තියෝ FCIDට ගෙනෙයි?

Sumal Perera
ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ආනයනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින Access Group හි සභාපති සුමල් පෙරේරා මේවන විට රටහැර ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු මේවන විට ඔස්ට්‍රේලියාවේ සිටින බවත්, මේ වන්‍යාපෘතියේ මුදල් තැන්පත් කර ඇත්තේද ඔස්ට්‍රේලියාවේ බව එම වාර්තාවේ දැක්වේ.

මේව විට සුමල් රෝගී තත්ත්වයකින් සිටින බවත්, ඒ අනුව මෙහි පරීක්ෂණ වලට අදාළ කිරි හරක් ගෙනඒමේදී දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළේ යැයි කියන Foresight Engineering සමාගමේ අධ්‍යක්ෂවරයකු වන තියෝ ප්‍රනාන්දු ඉදිරි විමර්ශන කටයුතුවලට කැඳවීමට නියමිත බව වාර්තා වේ. 

සුමල් රටින් පිටව ගොස් ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිරි ගොවීන් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර පොලිස්පතිවරයා විසින් අදාළ පැමිණිලි විභාගය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැවරීමත් සමඟ බවද පැවසේ.

ඕස්ට්‍රේලියාවේ Wellard Rural Exports නැමැති සමාගමකින් මේ හරක් ගෙනැවිත් තිබේ.

අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථින සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී 2008 වසරේදී බවද පැවසේ.

අදාළ Foresight Engineering සමාගමේ අධ්‍යක්ෂවරයකු වන තියෝ ප්‍රනාන්දු ඇතුළු ව්‍යාපාරික පිරිස 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී යහපාලන රජය සමඟ එක්වද කිරිගව ව්‍යාපෘතිය තුළ වංචා සිදුකර ඇති බවට චෝදනා එල්ලව තිබේ.

ඒ කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ 8-172/2019 පැමිණිල්ල යටතේ සිදු කළ විමර්ශනයකින් රුපියල් බිලියන 73.9ක අදාළ ව්‍යාපෘතියේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පී. හැරිසන්, අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ ඉහළ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නිලධාරීන් වැරදිකරුවන් කර ඇත.

මේ සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය පී. හැරිසන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක FCID වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීම ද පසුගියදා සිදුව ඇතත් මේ ව්‍යාපෘතියේ ප්‍රධාන ආනයනකරු ලෙස තොරතුරු හෙළිව ඇති Foresight Engineering සමාගමේ අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැත.

මූලාශ්‍රය- voiceofsrilanka.com
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka