gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහා ඇත් රජු රටට අහිමි වී අදට මාසයයි! විපක්ෂ නායකතුමා ගල්ගමුවේදී ඇතුට පිං පමුණුවා දානයක් දෙයි!

කාවන්තිස්ස ඇත් රජු රටට අහිමි වී අදට (16) මාසයක් සපිරීම නිමිත්තෙන්, ඇත් රජුට පින් පැමිණවීම සඳහා අද පස්වරුවේ ධර්ම දේශනාවක් සහ අනිද්දා (17) දානමය පුණ්‍යකර්මයක් ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකාවේ දළ ඇත් පරපුර මේ වන විට බරපතළ ව්‍යවසනයකට සහ වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති බැවින්, ඔවුන් ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය සංදර්ශන වෙනුවට විධිමත් ජාතික සැලසුමක් වහා ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කාවන්තිස්ස ඇත් රජුට නිවන් සුව ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා, එම ඇත් රජුගේ ජීවිත පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් ලෙස ඉතිරිව සිටින ඇත් පරපුර රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, ඒ සඳහා සමගි ජන බලවේගයේ පූර්ණ සහාය ලබා දෙන බවත් අවධාරණය කළේය. පිරිමි අලින්ගෙන් දළ පිහිටන්නේ 6%ත් 10%ත් අතර ඉතා සීමිත ප්‍රතිශතයකට පමණක් බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, රජය විසින් දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අවිධිමත් හා අකාර්යක්ෂම බවට චෝදනා කළේය.

වඳවී යන ඇත් පරපුර සම්බන්ධයෙන් දේශීය වශයෙන් රතු නිවේදනයක් නිකුත් කර, එම සතුන්ට හිමි නිසි වටිනාකම සහ පිළිගැනීම ලබා දිය යුතු බව ඒ මහතා පැවසීය. එමෙන්ම, එක් සංවිධානයක උපදෙස් මත පමණක් පදනම් නොවී, සියලුම පරිසරවේදීන් හා සත්ත්වප්‍රේමී සංවිධාන එක් කර ගනිමින් මහ ඇතුන් මෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සියලුම දළ ඇතුන් ඇතුළත් විධිමත් ලැයිස්තුවක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

වනජීවී දෙපාර්තමේන්තුව තුළ පවතින භෞතික හා මානව සම්පත් හිඟය පිළිබඳව ද අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා, පශු වෛද්‍යවරුන් 33 දෙනෙකු සිටිය යුතු වුවද දැනට සේවයේ නිරතව සිටින්නේ 17 දෙනෙකු පමණක් බව පෙන්වා දුන්නේය. එබැවින් වනජීවී නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දී ඔවුන් දිරිගැන්විය යුතු බවත්, අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක සහ බහුකාර්ය නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතු බවත් ඔහු පැවසීය.

තවද, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල මෙන් යුද්ධයක් නොමැති වත්මන් පසුබිම තුළ ආරක්ෂක අංශවලින් කොටසකට වනජීවී පුහුණුව ලබා දී ඇතුන් ආරක්ෂා කිරීම සඳහාම වෙන් වූ ක්ෂණික විහිදුම් බලකායක් ස්ථාපිත කළ යුතු බවත්, අලි - මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල තුවාල ලබන වන සතුන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීම සඳහා ජංගම ගිලන්රථ සහ සෞඛ්‍ය සේවා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් යෝජනා කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka