gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂ නායක සජිත් පෞද්ගලික ණය 18ක් අරන්... කිසිවක් යළි පියවා නෑ ... මෙන්න අනාවරණය...

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නවතම වත්කම් සහ බැරකම් ප්‍රකාශය පිළිබඳව BBC සිංහල වෙබ් අඩවිය තොරතුරු දක්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ඔවුන් සඳහන් කළ ද වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමක් සිදුවන අතර පසුව යළිත් වත්කම් ප්‍රකාශ කියවීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ වත්කම්වල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදුව නොමැති වුවද, 2025 වසරේදී රුපියල් මිලියන 29.6ක් ලෙස සටහන් වූ ඔහුගේ මූල්‍යමය වත්කම් ප්‍රමාණය නව ප්‍රකාශය වන විට රුපියල් මිලියන 23.5ක් දක්වා පහත වැටී ඇති බව නිරීක්ෂණය වේ.

කෙසේවෙතත්, පසුගිය වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන්ව තිබූ විපක්ෂ නායකවරයාගේ මූල්‍යමය වගකීම් සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි තොරතුරු නව ප්‍රකාශය හරහා අනාවරණය වී තිබීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ඔහුගේ එවැනි වගකීම් 20ක් සම්බන්ධයෙන් සඳහන් වුවද, ඒවා ලබාගත් මූලාශ්‍රය දැක්වෙන විස්තර තීරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මීට පෙර වසා දමා තිබිණි. නමුත් මෙවර නව ප්‍රකාශය මඟින් එම මූලාශ්‍රවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කර ඇත.

නව දත්තවලට අනුව, විපක්ෂ නායකවරයා පෞද්ගලික ණය 18ක් ලබා ගෙන ඇති අතර, ඒ අතරින් ණය 17ක්ම ලබා ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ද ෆොන්සේකා නම් අයෙකුගෙන් වීම විශේෂත්වයකි.

ලක්ෂ්මන් ද ෆොන්සේකාගෙන් ලබාගත් ණය: සම්පූර්ණ එකතුව රුපියල් ලක්ෂ 825 ඉක්මවයි.

හර්බට් ජයකොඩිගෙන් ලබාගත් ණය: තවත් එක් ණය මුදලක් හර්බට් ජයකොඩි නැමැත්තෙකුගෙන් ලබාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 84කි.

වසර ගණනාවක් තිස්සේ ගෙවා නොමැති ණය

මෙම ණය සම්බන්ධයෙන් ඇතුළත් කර ඇති තොරතුරු නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, මෙම ණය මුදල් විපක්ෂ නායකවරයා විසින් 2006 සිට 2024 දක්වා කාලසීමාව තුළ ලබාගෙන ඇති බවයි.

මෙම සියලු ණය මුදල් නැවත ගෙවිය යුතු බවට සඳහන් කර තිබුණද, මෙම කිසිදු ණය මුදලකට අදාළව මෙතෙක් එක් වාරිකයක්වත් ගෙවා නොමැති වීම කැපී පෙනෙන කරුණකි. එමෙන්ම, අදාළ ණය මුදල් නැවත ගෙවීමේ නිශ්චිත කොන්දේසි සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති අතර, 2006 සිට 2024 දක්වා ලබාගත් මෙම සියලු ණය මුදල්වල දැනට ගෙවීමට ඇති ශේෂය ලෙස සම්පූර්ණ ණය මුදලම තවදුරටත් සටහන්ව ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka