PTA වෙනුවට PSTA අවශ්ය නෑ.. 2022 වගේ අරගලයක් ආවොත් මොන නීති හැදුවත් වැඩක් නෑ..- නිර්මාල්
ශ්රී ලංකාව තුළ මේ මොහොතේ ක්රියාත්මක වීමට කිසිදු ත්රස්තවාදය වැළැක්වීමේ නීතියක අවශ්යතාවක් නොමැති බවත්, ඒ අනුව ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීම සඳහා නව පනතක් සම්මත කරගැනීමට කිසිදු සාධාරණ හෝ යුක්ති සහගත හේතුවක් නොමැති බවත් කොළඹ විශ්වවිද්යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි.
.
මෙරට ත්රස්ත මර්දන නීති සම්පාදනය පිළිබඳ ඓතිහාසික පසුබිම පැහැදිලි කළ මහාචාර්යවරයා, 1979 වසරේදී ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ උතුරු පළාතේ හටගත් සුවිශේෂී බෙදුම්වාදී සන්නද්ධ තත්ත්වය පාලනය කිරීම සඳහා බව පෙන්වා දෙයි.
ඉන් අනතුරුව දකුණේද සන්නද්ධ දේශපාලන නැගිටීම් නිර්මාණය වුවද, වර්තමානය වන විට මෙරට කිසිදු ප්රධාන පෙළේ දේශපාලන පක්ෂයක් හෝ ව්යාපාරයක් සන්නද්ධ දේශපාලනයට යොමුවී නොමැති බව හෙතෙම අවධාරණය කරයි.
යම් හෙයකින් පාස්කු ප්රහාරය වැනි සිදුවීම් පදනම් කරගනිමින් ඇතැම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ක්රියාකාරකම් පිළිබඳව කිසිවෙකු තර්ක කරන්නේ නම්, එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා රටේ සාමාන්ය නීති පද්ධතිය සහ අපරාධ නීතිය ප්රමාණවත් බවත්, ඒ වෙනුවෙන් විශේෂිත ත්රස්ත මර්දන නීති සම්පාදනය කිරීමේ අවශ්යතාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
අතීතයේ සිටම මෙරට ක්රියාත්මක වූ ත්රස්තවාදය වැළැක්වීමේ නීති පාලකයන් විසින් දේශපාලන විරුද්ධවාදීන් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා පුළුල් ලෙස අවභාවිත කළ බව ඉතිහාසය සාක්ෂි දරන බව මහාචාර්ය දේවසිරි මහතා ප්රකාශ කළේය.
වත්මන් සමාජ දේශපාලන සන්දර්භය තුළ මතුවන්නේ සන්නද්ධ ත්රස්ත ක්රියා නොව 2022 වසරේදී දක්නට ලැබුණු ආකාරයේ සාමකාමී මහජන නැගිටීම් බව පෙන්වා දුන් ඒ මහතා, ජනතාව වීදි බසින එවැනි දැවැන්ත නැගිටීම් මෙවැනි මර්දනකාරී අණපනත් මඟින් කිසිසේත්ම පාලනය කළ නොහැකි බවද අවධාරණය කර සිටියි.
PTA වෙනුවට PSTA අවශ්ය නෑ.. 2022 වගේ අරගලයක් ආවොත් මොන නීති හැදුවත් වැඩක් නෑ..- නිර්මාල්
2026-11-01T17:49:00+05:30
Gossip Lanka Hot News





