gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අද අපි කන් හැන්දෙන් කද්දි ජනතාව කන්නේ සවලෙන්…! – මාලිමා මන්ත්‍රීනි ඔෂානි උමංගා…

Oshani Umanga News
පාලකයන් රටේ සම්පත් භුක්ති විඳිමින් ජනතාව පීඩාවට පත්කළ ක්‍රමවේදය වෙනුවට අද ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන ආණ්ඩුවක් බිහි වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා පවසයි.

“කලින් පැවති ආණ්ඩු කාලේ පාලකයෝ සවලෙන් කෑවා. ජනතාවට කන් හැන්දෙන් බෙදුවා. දැන් ඔන්න ඕක අනික් පැත්තට පෙරලිච්චි ආණ්ඩුවක් තමයි, ඕගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් පාලකයන්ට කන් හැන්දෙන් හම්බ වෙනවා. ජනතාවට සවලෙන් හම්බ වෙන ආණ්ඩුවක් අපි ගොඩනඟලා තියෙනවා.”

ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩලය තුනෙන් එකක් දක්වා අඩු කර, ඉතිරි තුනෙන් දෙකක පිරිස ජනතාවගේ සුභසාධන කටයුතු වෙනුවෙන් යොදවා ඇති බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම ජනාධිපති මන්දිර සහ මැති ඇමතිවරුන්ගේ නිල නිවාස ආර්ථික කටයුතු සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බවත්, හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ පහසුකම් සඳහා පැවති රුපියල් ලක්ෂ 10ක සීමාව ලක්ෂ දෙකහමාරක් දක්වා අඩු කර ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

අතීතයේ ඇතැම් දේශපාලනඥයන් මන්ත්‍රී සහ අමාත්‍ය ධුර මාරුවෙන් මාරුවට දරමින් වාහන බලපත්‍ර ලබාගැනීමත්, අමාත්‍ය සහ මන්ත්‍රී වැටුප් මෙන්ම ඉන්ධන දීමනා දෙයාකාරයෙන් ලබාගැනීමත් සිදුකළ බව පෙන්වා දුන් ඔෂානි උමංගා, එවැනි වරප්‍රසාද වෙනුවට ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වත්මන් රජයේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ වත්මන් රජය යටතේ දේශපාලනඥයන්ගේ වරප්‍රසාද සහ රාජ්‍ය වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka