gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

චෙක් වංචාවකට චීන කටු චිකිත්සක ප්‍රසාද් දේශප්‍රියට කෝටි 4ක දඩයක් හා සිරදඬුවම්!

ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 47.6ක් සඳහා අගරු චෙක්පත් ලබාදී වංචාවක් සිදුකරන ලදැයි පවරන ලද නඩු 4කට වරදකරු වූ චීන කටු චිකිත්සක ප්‍රසාද් දේශප්‍රිය නැමැත්තාට රුපියල් මිලියන 4.76ක දඩයක් සහ රුපියල් ලක්ෂ 8ක වන්දි මුදලක් ගෙවන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා ඊයේ (20) නියෝග කළේය.

ඊට අමතරව නඩු හතරට අදාළව වසර පහක කාලයකට අත්හිටවූ මාස හයක සහ මාස තුනක සිරදඬුවම් ද නියම කර ඇත.

අගරු චෙක්පත් ලබාදී වංචා කිරීම සම්බන්ධයෙන් නඩු දෙකකට චූදිත ප්‍රසාද් දේශප්‍රිය අධිකරණය මගින් වරදකරු කර තිබූ අතර රුපියල් ලක්ෂ 76ක් සඳහා අගරු චෙක්පත් ලබාදී වංචාවක් සිදු කරනු ලදැයි පවරා තිබූ නඩු 2කට අදාළව ඔහු වරද පිළිගෙන තිබිණි.

අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 07 ලිපිනයේ සහ කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය, අංක 144, දුටුගැමුණු මාවත කළුබෝවිල ලිපිනයේ පදිංචිව සිටින චූදිත ප්‍රසාද් නැමැත්තා නුගේගොඩ පදිංචි ව්‍යාපාරිකයකු වන සුදර්ශන මංගල නැමැති අයට මෙලෙස අගරු චෙක්පත් ලබාදී වංචාකර තිබිණි.

වන්දි මුදල් ගෙවීම සම්බන්ධයෙන් නඩුව පෙබරවාරි 2 වැනිදාත්, දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් මැයි 11 වැනිදාත් යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

මේ නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ථ නීතීඥ ජීවන්ත ජයතිලක සමඟ නීතීඥ තිලංග පොල්ගම්පොළ මහතා පෙනී සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka