gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නඩු දාන්න එපා කියා විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවත් එක්ක රහස් එකගතාවක?

විපක්ෂය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් තමන්ට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ නඩු පැවරීම් වළක්වා ගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව සමඟ රහස් එකඟතාවන් හෙවත් 'ඩීල්' ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති  පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, වර්තමාන පාර්ලිමේන්තු විපක්ෂය තුළ පැහැදිලි කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි බවයි. 

ඉන් එක් පාර්ශ්වයක් ආණ්ඩුව සමඟ විවිධ මට්ටමේ එකඟතාවලට එළඹෙමින්, තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවට හෙතෙම සෘජුව චෝදනා කළේය.

එවැනි රහස් ගනුදෙනු පසෙක තබා ජනතාව වෙනුවෙන් සෘජුව හා නිර්භීතව පෙනී සිටින සැබෑ විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

ආණ්ඩුව සමඟ ඩීල් නොදමා අභීතව විපක්ෂයේ දේශපාලනයක නිරත වන එවැනි පුද්ගලයන් නීතියේ දැඩි ක්‍රියාමාර්ගවලට ලක්ව බන්ධනාගාරගත වීමට සිදුව ඇති බව ද  රණවක මහතා සඳහන් කළේය.

රටේ දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නියෝජිතයන් හා ක්‍රියාකාරීන් මෙලෙස මර්දනයට ලක්වන අතරවාරයේ, ඇතැම් දේශපාලනඥයන් පෞද්ගලික පැවැත්ම හා නඩු බේරාගැනීම වෙනුවෙන් ආණ්ඩුව සමඟ එකඟතාවන් ඇති කර ගැනීම විපක්ෂයේ කාර්යභාරය බරපතළ ලෙස පළුදු කරන්නක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka