gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හොරකම රජවුණු මෝටර්රථ දෙපාර්තමේන්තුවට සයිබර් හොරුත් රිංගලා... විශේෂ දැනුම්දීමක්!

​මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය පෙරේදා (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන්, මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන මහජනතාව අනිවාර්යයෙන්ම වේලාවක් වෙන්කරගෙන (Appointment) පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

​වේලාවන් වෙන්කරගැනීමේ පද්ධතියට (Appointment System) මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය තහවුරු කරයි.

ඒ අනුව, [https://dmtappointments.dmt.gov.lk/](https://dmtappointments.dmt.gov.lk/) යන නිල වෙබ් සබැඳිය හරහා පහසුවෙන් වේලාවක් වෙන්කරගැනීමේ හැකියාව පවතින බව ද එම ඒකකය සඳහන් කළේය.

​සේවාලාභීන්ගේ පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම සඳහා, කාර්යාලයට පැමිණීමට පෙර අදාළ වෙබ් අඩවිය ඔස්සේ වේලාව වෙන්කරවා ගන්නා ලෙස මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka