gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ රජයෙන් පසු වසර 13 ට පසු පළමු වරට ITN එකට මිලියන 35ක ලාභයි! ජනමාධ්‍ය නි.ඇමතිනිය ප්‍රසිද්ධි කරයි

වසර ගණනාවකට පසු ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ලබාගත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය වැදගත් කරුණු රැසක් අනාවරණය කළාය.

​පසුගිය කාලය පුරා පාඩු ලබමින් පැවති ITN ආයතනය, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 35.4ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. 2013 වර්ෂයෙන් පසු එනම් වසර 13කට පසුව එම ලාභයෙන් 30%ක් මහා භාණ්ඩාගාරයට ලබා දීමටත්, එළැඹෙන දෙසැම්බර් මාසයේදී සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීමටත් ආයතනය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

​ITN ආරම්භ කර වසර 47කට පසු ප්‍රථම වරට උපාය මාර්ගික සැලසුමක් ඔස්සේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සේවක රක්ෂණ හා සුභසාධන පහසුකම් වැඩිදියුණු වී ඇති අතර, ආයතනයේ ප්‍රේක්ෂක ආකර්ෂණය ද 2% සිට 9% දක්වා ඉහළ ගොස් තිබේ.

​එමෙන්ම, විදේශ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් අධ්‍යාපනික හා දැනුම බෙදා දෙන 'Multimedia Campus' නමින් නව අංශයක් ද ස්ථාපිත කර ඇති බවත්, මෙම සියලු ජයග්‍රහණ ආයතනයේ නව ප්‍රගතිය පිළිබිඹු කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka