හොරට ගහපු තෙල්වල සල්ලි මිලියන 1.17ක් මහිපාල හේරත් කෑෂ්වලින් ආපසු ගෙවලා!
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අවභාවිත කරන ලදැයි කියන ඉන්ධන ලීටර් 11,320 ක වියදම වන රුපියල් මිලියන 1.17 ක් (රුපියල් 1,170,000 ක්) ආපසු ගෙවා තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබුණේ හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඉන්ධන ලීටර් 11,320 ක් භාවිත කිරීම චක්‍රලේඛ උපදෙස් වලට පටහැනි වන බවයි.
එමෙන්ම රුපියල් මිලියන 1.17ක මුදල ඔහුගෙන් අයකර ගන්නා ලෙසද පළාත් සභාවට උපදෙස් දී තිබේ.
හිටපු ආණ්ඩුකාරවරයා විසින් අදාළ මුදල, මුදල් මඟින් ගෙවා පියවා ඇති බව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවි ප්‍රකාශ කර ඇත.
මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, අදාළ නිලධාරීන් දැනටමත් සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බැවින් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.
(උපුටාගැනීම – Daily Mirror)
මේ පුවත තව අයට බලන්න
හොරට ගහපු තෙල්වල සල්ලි මිලියන 1.17ක් මහිපාල හේරත් කෑෂ්වලින් ආපසු ගෙවලා!
2026-11-06T07:44:00+05:30
Gossip Lanka Hot News





