gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රකට සමාජ ජාල ක‍්‍රියාකාරිකයෙකුගේ නිවසට ගිනි තියයි

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අජිත් ධර්මපාල මහතාගේ මහනුවර පිහිටි නිවසට (ඉරිදා) මධ්‍යම රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ කිසිදු පුද්ගලයෙකු රැඳී සිට නොමැති අතර, එල්ල වූ ගිනි ප්‍රහාරය හේතුවෙන් නිවසේ තිබූ දේපළ රැසකට බරපතළ හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මෙම සැලසුම්සහගත ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙහෙයවන ලද්දක් බවට ආරක්ෂක අංශ සැක පළ කරන අතර, ගිනි තැබීම මෙහෙයවූ පුද්ගලයන් හෝ ඊට අනුබල දුන් මහමොළකරුවන් මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

සිද්ධිය වූ ස්ථානය වෙත අද උදෑසන පැමිණි අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්  විසින් විමර්ශන සඳහා අවශ්‍ය භෞතික හා විද්‍යාත්මක සාක්ෂි රැස්කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. 

සැකකරුවන් හඳුනාගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර, මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka