gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘බඩේ බත් නෙමෙයි අම්මගෙ රෙද්ද තමා.. වැඩ බැරිනං බැහැල යන්න...’ බල්තසාර්ට තරු විසිවෙන්න අමතමින් සුදාගෙන් වීඩියෝවක්...

කොළඹ නගරය ‘බඩේ බත් වගේ හදන බවට’ මැතිවරණයට පෙර ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර් මහත්මිය, වැසි ජලයෙන් නගරය යටවීම හමුවේ තවදුරටත් නිදහසට කරුණු නොකියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්, රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි නම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන සුදත්ත තිලකසිරි මහතා ප්‍රකාශ කරයි.

සිය 'Talk with Sudaththa' යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ පාලන බලය ලබාගෙන වසරකුත් මාස හතරකට අධික කාලයක් ගතවී තිබියදීත්, වැසි තත්ත්වයකදී නගරය ජලයෙන් යටවීම පාලනය කිරීමට නිසි පියවර නොගැනීම නගර සභා පාලනාධිකාරියේ බරපතළ නොහැකියාවක් බවයි.

මැතිවරණයට පෙර නගරයේ ඇළ මාර්ග හා කාණු පද්ධති සියල්ල විධිමත් ලෙස සංවර්ධනය කරන බවට නගරාධිපතිනිය කළ ප්‍රකාශ සිහිපත් කළ සුදත්ත තිලකසිරි මහතා, නගරය ජලයෙන් යටවූ පසු ඩුබායි රාජ්‍යයේ ඇති වූ ගංවතුර සමඟ කොළඹ තත්ත්වය සැසඳීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරීම මුළුමනින්ම වැරදි සහගත බව පැවසීය. ඩුබායි වැනි රටකට මිලිමීටර් 400 ඉක්මවූ අධික වර්ෂාවක් ලැබෙන්නේ ශතවර්ෂයකට පමණ වරක් වුවද, ශ්‍රී ලංකාවට සෑම වසරකම වාරකන් වැසි ලැබීම සාමාන්‍ය ස්වාභාවික තත්ත්වයක් බැවින් ඊට නිසි ලෙස මුහුණ දීම පාලකයන්ගේ වගකීමක් බව ඔහු කියා සිටියේය.

වසර 76ක් මුළුල්ලේ පැවති පාලකයන් සිදුකළ නාගරික සැලසුම් විනාශය සහ වැරදි නිවැරදි කිරීම උදෙසා ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට ගොඩනැගීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන පසුබිමක, නගරාධිපතිනිය ඇතුළු වගකිවයුත්තන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බව අවධාරණය කළේය.

එබැවින් තවදුරටත් මාධ්‍ය හමුවේ නිදහසට කාරණා නොකියා, නගරයේ කාණු පද්ධති අවහිර වන අයුරින් ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කිසිදු බියකින් තොරව කඩිනමින් කඩා ඉවත් කිරීමට නගර සභාව පියවර ගත යුතු බවත්, එසේ කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයා මැදිහත් වී වැඩ කළ හැකි නිසි නායකත්වයක් නගර සභාවට පත්කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka