gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට විරෝධතාවේ නඩුවට නාමල් ඇතුළු 41කට අධි චෝදනා භාර දෙයි!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව 2017 වසරේ හම්බන්තොට පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩ කිරීම සහ පොදු හා පෞද්ගලික දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 41 දෙනකුට අද (16) හම්බන්තොට මහාධිකරණයේදී අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ නඩුවකට පෙනී සිටීම හේතුවෙන් අද දිනයේ හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

සෙසු විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකු සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම සියලු විත්තිකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇත. නඩුව නැවත කැඳවීම 2027 ජනවාරි 14 වැනිදාට නියම කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka