gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එයාර්බස් නඩුවේ බරපතලකම ලිමිණිට වැටහේ... නාමල්ට තීරණාත්මකයි

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිචෝදනා පත්‍ර භාරදීම කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ඊයේ (19) සිදු කළ අතර එම අවස්ථාවට පළමු වරට ඔහුගේ බිරිඳ පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

ඇය මෙම නඩුකරය සඳහා පැමිණ ඇත්තේ නාමල්ට එය තීරණාත්මක වන නිසාම බවයි වාර්තා වන්නේ.

මෙම නඩුවේදී විත්තිකරුගේ පෞද්ගලික නිදහස සීමා කරන නියෝගයක් නිකුත් නොකරන ලෙස විත්තිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල, ඔහු ලබන දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

2013 වසරේ සිදු වූ බව කියන ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශනය අවසානයේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

අදාළ ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් සමස්ත මුදලින් රුපියල් මිලියන 100ක් ලබාගත් බවට මෙහිදී චෝදනා එල්ල වී ඇති අතර, නම් කර ඇති විත්තිකරුවන් මෙසේය:

පළමු විත්තිකරු: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

දෙවන විත්තිකරු: ශමින්ද්‍ර රාජපක්ෂ

තෙවන විත්තිකරු: බිස් සොලියුෂන් (Biz Solution) සමාගම

සිව්වන විත්තිකරු: ප්‍රියංකා නියෝමාලි

අධිකරණ ක්‍රියාමාර්ග සහ පෙනී සිටීම්

මෙම නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ ධම්මික දිසානායක යන මහත්වරුන් ඉදිරියේ අද කැඳවනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය. එහෙත් දෙවන සහ සිව්වන විත්තිකරුවන් වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අධිකරණයේ පෙනී සිටියේ නැත. එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී අවශ්‍ය නෛතික පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය.

විත්තියේ සහ පැමිණිල්ලේ තර්ක

අධිචෝදනා පත්‍ර සහ අදාළ ඇමිණුම් භාරදීමෙන් අනතුරුව, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයාගේ පෞද්ගලික නිදහස සීමා වන ආකාරයේ නියෝගයක් අද දින නිකුත් නොකරන ලෙස ඉල්ලීය.

"මේ අධිචෝදනා පත්‍රය බැලූ බැල්මට මේ අධිකරණයට මේ නඩුව ගෙනයාමට බලයක් නැති බව පෙනී යනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගේ සේවාදායකයාව බන්ධනාගාර නිලධාරින් භාරයේ ඔබගේ අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නිකුත් කරපු නියෝගයෙන් පස්සේ මේ නඩුව සම්බන්ධයෙන් එම අධිකරණයේ බලය අවසන් වුණා. ඒ නිසයි මා ඉල්ලා සිටින්නේ අද දින ඔබේ අධිකරණයෙන් ඔහුගේ පෞද්ගලික නිදහස අහිමි කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස." — ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තිය ප්‍රකාරව විත්තිකරු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකර සිටීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

"මේ විත්තිකරු ඉදිරිපත්කර තිබෙන්නේ 2003 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව. එහි 149 වගන්තියට අනුව තුටු පඬුරු ඉල්ලීමක් හෝ භාරගැනීමක් තහවුරු කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි මේ වෙද්දි පවත්නා නෛතික තත්ත්වය. ඉන් ව්‍යුත්පන්නව ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වියයුතුයි." — නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර

අධිකරණය ලබාදෙන ඕනෑම කාල රාමුවක් යටතේ නඩුව දිනපතා විභාගයට ගැනීමට පැමිණිල්ල සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණ නියෝගය

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩු කටයුත්ත විනාඩි 30කට පමණ කල් තැබූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, යළි රැස්වී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මගින් නියෝගය ප්‍රකාශයට පත් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තිය සහ 2003 දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය හා 149 (2) අතුරු විධානය සිහිපත් කළ විනිසුරු මඩුල්ල, ඇප සලකා බැලීම සඳහා සුවිශේෂී අවස්ථානුගත කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka