gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බදියුදීන්ලා ආණ්ඩුවට..? සජිත් අතැර එලියට බහී..?

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් එම සන්ධානයෙන් ඉවත්ව වත්මන් ආණ්ඩුව සමඟ එක්වීමට සූදානමක් පවතින බව ලංකාදීප පුවත්පත අනාවරණය කර තිබේ.

අදාළ වාර්තාවට අනුව, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ වත්මන් ක්‍රියාකලාපය හා දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව එහි හවුල්කාර සුළු පක්ෂ දැඩි කලකිරීමකට පත්ව සිටියි. 

සන්ධානය ගොඩනැගීමේදී පාදක කරගත් මුල් මූලධර්ම සහ ප්‍රතිපත්තිමය එකඟතාවලින් ප්‍රධාන පක්ෂය බැහැරව කටයුතු කරන බවට එම සුළු පක්ෂ නායකයෝ චෝදනා කරති.

විශේෂයෙන්ම රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම් මෙන්ම මනෝ ගනේෂන් යන ප්‍රමුඛ සුළු පක්ෂ නායකයන් ද සමගි ජන සන්ධානයේ ඇතැම් තීන්දු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර, සන්ධානය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය තවදුරටත් කරළියට ගෙනඑමින්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා කුරුණෑගල පැවති ජනහමුවකදී සෘජු ප්‍රකාශයක් කර ඇත. 

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ තමන් කිසිසේත්ම සමගි ජන බලවේගයේ වහලුන් නොවන බවත්, සජබය යනු එක් දේශපාලන පක්ෂයක් පමණක් වන අතර තමන් එහි හවුල්කාර පාර්ශ්වකරුවන් පමණක් බවත්ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, හවුල්කාර සියලු දේශපාලන පක්ෂවල අපේක්ෂා සහ අභිලාෂයන් ඉටුවන පරිදි පක්ෂය සෑම විටම සාමූහිකව තීන්දු තීරණ ගෙන ඇති බවයි. මැතිවරණ ගිවිසුම් ප්‍රකාරව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ඇතුළු වරප්‍රසාද රැසක් එම පක්ෂ වෙත නොපිරිහෙළා ලබාදී ඇති බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, අදාළ පුවත්පත් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරන්නේ, තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතුවලින් ආරක්ෂා වීමේ යටි අරමුණින් යුතුව ඇතැම් සුළු පක්ෂ නායකයන් මෙලෙස වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට සැලසුම් කරමින් සිටින බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka