gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇල්ලූ පාතාලයෝ වමාරති... දේශපාලක නම් එලියට!

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ සබඳතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පාර්ලිමේන්තු සභාවාරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සැකකරුවන් ලබාදුන් තොරතුරුවලට අනුව පසුගිය අගෝස්තු මස 30 වන දිනෙන් පසු ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මඟින් මෙරට පාතාලය සතුව තිබූ මහා පරිමාණ යුද අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි.


"සමහරු ප්‍රශ්න කරනවා සෙව්වන්දි මෙරටට රැගෙනවිත් කළේ කුමක්ද කියලා. අපි මේ වන විටත් ඇය ඇතුළු පිරිස හරහා ඇතැම් දේශපාලනඥයන්ගේ පැවති සබඳතා රැසක් අනාවරණය කරගෙන අවසන්. මේ පිළිබඳව ඉතා ගැඹුරින් සහ පුළුල් ලෙස විමර්ශන සිදුකිරීම අවශ්‍යයි. එම විමර්ශන මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා."
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka