දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිනිගනී!
කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාල ගොඩනැගිල්ලේ හටගත් හදිසි ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
වාර්තා වන අන්දමට මෙම ගින්න හටගෙන ඇත්තේ එම ප්රධාන කාර්යාලයේ පළමු මහලේ ස්ථාපිත කර තිබූ වායුසමීකරණ පද්ධතියට අයත් සිසිලන කුළුණක (Cooling Tower) ය.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ වහා ක්රියාත්මක වූ කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවන රථ දෙකක් ක්ෂණිකව එම ස්ථානයට යොමු කර තිබේ. ගිනි නිවන භටයන් දැක්වූ කඩිනම් ප්රතිචාරය හේතුවෙන් ගින්න ගොඩනැගිල්ලේ අනෙකුත් කොටස් වෙත පැතිර යාමට ඉඩ නොතබා කෙටි වේලාවක් තුළ සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකි විය.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව හෝ ඉන් සිදුවූ අලාභහානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ පුවත තව අයට බලන්න
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිනිගනී!
2026-11-19T16:04:00+05:30
Gossip Lanka Hot News






