gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කලාපයම ගිනි ජාලාවක් කරනවා... ප‍්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග!

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඉරාන සන්නද්ධ හමුදාවන්ට සිය යුද සූදානම උපරිම මට්ටමකට නංවන ලෙස නියෝග කර ඇති උත්තරීතර නායකයා, ඉලක්කගත දත්ත පද්ධතිය පුළුල් කරමින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල සතු සියලු ද්‍රව්‍යමය සහ උපායමාර්ගික සම්පත් ප්‍රහාරක පරාසය තුළට ගෙන ඒමටත්, බුද්ධි තොරතුරු ජාල ශක්තිමත් කරමින් අවි ආයුධ නිෂ්පාදනය කඩිනම් කිරීමටත් නියෝග කර තිබේ.

ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරීන් සමඟ පැවති විශේෂ හමුවකින් අනතුරුව ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් මොජ්තබා ඛමේනි අවධාරණය කර ඇත්තේ, සතුරන් විසින් යළි යුදමය හෝ ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉරානය විසින් බවයි. සතුරන් වෙත උපරිම බියක් හා වැළැක්වීමක් ඇති කිරීම සඳහා බුද්ධිමත් හා බලගතු යුද සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය සාධකයක් බවද ඔහු පෙන්වා දී ඇත.

මෙම ඉහළ පෙළේ සාකච්ඡාව සඳහා සන්නද්ධ හමුදා ඒකාබද්ධ කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් අබ්දුල්ලාහි, ඉරාන යුද හමුදාපති මේජර් ජනරාල් හටාමි සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රධානී මේජර් ජනරාල් වාහිදි ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු එක්ව සිටියහ. පර්සියානු ගල්ෆ් කලාපය, හෝමූස් සමුද්‍ර සන්ධිය, ඕමාන් බොක්ක මෙන්ම වයඹ සහ ගිනිකොනදිග දේශසීමා ආශ්‍රිත යුද සූදානම පිළිබඳව ආරක්ෂක ප්‍රධානීහු මෙහිදී උත්තරීතර නායකයා දැනුවත් කළහ.

තවද, කලාපය පුරා ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම  සටන්කාමීත්වය අගය කළ ඛමේනි, බටහිර ආසියාව තුළ නව දේශපාලනික හා ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීමට එම සහයෝගීතාව ඉවහල් වන බවත්, එය සමස්ත මුස්ලිම් ජාතීන්ගේ එකමුතුභාවයට මඟපාදනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.

මේ අතර, ඉරාන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් අක්‍රමිනියා 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සියොන්වාදී (ඊශ්‍රායල) බලපෑම් මත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවත් යුද වික්‍රමයකට අතපෙවීමට උත්සාහ කළහොත්, එහි යුද ගිනිදැල් පුළුල් භූගෝලීය කලාපයක්ම ගිලගනු ඇති බවයි. "එවැනි ගැටුමක අවසානය තීරණය කිරීමේ බලය ට්‍රම්ප්ගේ අතේ නොපවතිනු ඇතැයි" ඔහු තරයේ කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka