2035 වන තෙක් ශ‍්‍රී ලංකාවට ICC තරගාවලි සත්කාරකත්ව නොදේ... දේශපාලන මැදිහත්වීම පිලි නොගනී!
වසර 2035 දක්වා පැවැත්වීමට නියමිත ලෝක මට්ටමේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලි 12ක් සඳහා සත්කාරක රටවල් තෝරාගැනීමේදී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන ඇත.
ඒ අනුව, 2028 විස්සයි-20 ලෝක කුසලානයේ සිට 2035 එක්දින ලෝක කුසලානය දක්වා වූ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක සත්කාරකත්වය හෝ සම-සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි නොවේ.
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ වාර්ෂික මහා මණ්ඩල රැස්වීමේදී මෙම තරගාවලි පැවැත්වෙන කාලසීමාවන් සහ සත්කාරක රටවල් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඡන්දයෙන් තේරී පත් වූ ස්ථිර පරිපාලනයක් නොමැතිකම හේතුවෙන් එම තීරණාත්මක මණ්ඩල රැස්වීමට සහභාගී වීමේ අවස්ථාවද ශ්‍රී ලංකා නියෝජිතයන්ට අහිමිව ගොස් තිබිණි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් අතුරු (පරිවර්තන) කමිටු පත් කරමින් රජය සෘජුව මැදිහත්වීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස ශ්‍රී ලංකාව කොන් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත. සාමාජික ක්‍රිකට් මණ්ඩලවලට එල්ල වන දේශපාලන බලපෑම් තරයේ ප්‍රතික්ෂේප කරන ICC ප්‍රතිපත්තිය හමුවේ මෙම තත්ත්වය උද්ගතව තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද මෙන්ම බංග්ලාදේශය සමඟ පවතින මතභේදාත්මක වාතාවරණය හේතුවෙන්, ආසියානු කලාපයේ තරගාවලි පැවැත්වීමේදී මීට පෙර ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රමුඛතාවක් සහ අවස්ථාවක් හිමි විය.
කොළඹ, මහනුවර, සූරියවැව සහ දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පද්ධතියේ පහසුකම් පැවතියද, පවතින පරිපාලන අර්බුදය හේතුවෙන් ඉදිරි තරගාවලි රැසක් අසල්වැසි රටවලට හිමිව ඇත.
*2029 ශූරයන්ගේ කුසලානය (Champions Trophy): ඉන්දියාවට
*2031 එක්දින ලෝක කුසලානය: ඉන්දියාව සහ බංග්ලාදේශයට (සම-සත්කාරකත්වය)
*2028 ඔලිම්පික් ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලි (පිරිමි/කාන්තා): බංග්ලාදේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට
මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර තරග සියැසින් දැකගැනීමේ අවස්ථාව අහිමි වනවාට අමතරව, මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන ගණනින් ලැබීමට තිබූ ආදායම් ද අහිමි වී යයි.
වසර 2027 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලිය පසුගිය අප්‍රේල් 30 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පරිවර්තන කමිටුවක් පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට ICCය තීරණය කළේය. එමගින් මෙරටට අහිමි වූ ඇස්තමේන්තුගත පාඩුව ඩොලර් මිලියන 20කි (රුපියල් බිලියන 6.65ක් පමණ). මීට අමතරව ICC සත්කාරක ගාස්තුව ලෙස හිමිවීමට තිබූ ඩොලර් මිලියන 2ක මුදලද අහිමි විය.
මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පාලන සමයේදී අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් 2024 වසර මුලදී මෙරට පැවැත්වීමට තිබූ ‘වයස 19න් පහළ ලෝක කුසලානය’ ද ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබා දුන්නේය. එහිදී තරු පහේ හෝටල් කාමර 16,000ක ආදායම ඇතුළු සත්කාරක ගාස්තු රටට අහිමි විය.
මේ පුවත තව අයට බලන්න
2035 වන තෙක් ශ‍්‍රී ලංකාවට ICC තරගාවලි සත්කාරකත්ව නොදේ... දේශපාලන මැදිහත්වීම පිලි නොගනී!
2026-11-18T10:41:00+05:30
Gossip Lanka Hot News






