නලින් බණ්ඩාර, බිරිද ගෙනා ඩ්‍රෝන තොගයේ සුලමුල එළියට...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුතු ඩ්‍රෝන යානා සහ රැහැන් රහිත මයික්‍රෆෝන තොගය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 307 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මන්ත්‍රීවරයා සහ බිරිඳ, ප්‍රභූ පර්යන්තය හරහා ගමන් මලුවල බහා මෙම උපකරණ තොගය රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් භාරයට ගැනිණි.
එහිදී සොයාගත් උපකරණ අතර DJI Lito X1 වර්ගයේ ඩ්‍රෝන යානා 27ක්, DJI Lito 1 වර්ගයේ ඩ්‍රෝන යානා 8ක් සහ DJI Neo 2 වර්ගයේ ඩ්‍රෝන යානා 4ක් වශයෙන් ඩ්‍රෝන යානා 39ක් මෙන්ම DJI Mic Mini වර්ගයේ සන්නිවේදන මයික්‍රෆෝන කට්ටල 16ක් ද ඇතුළත් වේ.
මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට අයත් සමාගමේ වෙබ් අඩවියේ දක්වා ඇති මිල ගණන්වලට අනුව මෙම භාණ්ඩ තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 8 ඉක්මවන අතර, එම සමාගමට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර තිබූ බලපත්‍රයේ වලංගු කාලය ද පසුගිය අප්‍රේල් මස 04 වැනිදායින් අවසන්ව තිබූ බව අනාවරණය වී ඇත.
මෙම ඩ්‍රෝන යානාවල තාක්ෂණික ස්වභාවය සහ ඒවා මෙරටට රැගෙන ඒමේ අරමුණ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ද විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, මාධ්‍ය හමුවක් පවත්වමින් සිය ස්ථාවරය පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙය සිය පුත්‍රයා සහ බිරිඳ අධ්‍යක්ෂ ධුර දරන කැමරා හා ඩ්‍රෝන කුලියට දීමේ සහ අලෙවි කිරීමේ නීත්‍යනුකූල පවුලේ ව්‍යාපාරයක් සඳහා ආනයනය කළ භාණ්ඩ බවයි.
තමන් රේගුවට භාණ්ඩ ඉදිරිපත් කර නිල නිෂ්කාශනයකට උත්සාහ කළ බවත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතීන් සතුව තිබුණද ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන බලපත්‍රය පමණක් ප්‍රමාද වී තිබූ බැවින් රේගුව විසින් භාණ්ඩ රඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කළ බවත් ඔහු පැවසීය.
තමන් කිසිදු හොර බඩු ජාවාරමකට සම්බන්ධ නැති බවත් රේගුව විසින් මයික්‍රෆෝන තොගය දැනටමත් නිදහස් කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නලින් බණ්ඩාර, බිරිද ගෙනා ඩ්‍රෝන තොගයේ සුලමුල එළියට...
2026-11-10T00:57:00+05:30
Gossip Lanka Hot News





