වික්ටර් රත්නායකගේ සහෝදරයාගේ මළ සිරුර හමුවේ...
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරෙකු වන රත්නායක ආරච්චිලාගේ දොන් ප්‍රේමන් (65) නැමැති අයෙකු අතුරුගිරිය, බොරළුගොඩ පිහිටි සිය නිවස තුළ මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ නිවස දෙසින් දුගඳක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත.
මියගිය පුද්ගලයා වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිරුර නිරීක්ෂණය කිරීමේදී ඔහු මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු බාහිර සැකකටයුතු තත්ත්වයක් නොමැති බවයි.
ස්වාභාවික රෝගී තත්ත්වයක් හෝ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
වික්ටර් රත්නායකගේ සහෝදරයාගේ මළ සිරුර හමුවේ...
2026-11-20T13:48:00+05:30
Gossip Lanka Hot News






