රුසියාවේ සැඟවී සිටි ‘රොටුඹ අමිල’ CID අත්අඩංගුවට!
සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට ගෙන අද (20) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුසියාවට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොස්කව් නුවර සිට පැමිණි රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU-288 යානයෙන් පෙරවරු 9.58ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
44 හැවිරිදි රොටුඹ අමිල මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධූෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයකු බව පොලිස් තොරතුරුවල සඳහන් වේ.
2024 ජූලි 8 වැනිදා සිදුවූ ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට සම්බන්ධ බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, 2016 අප්‍රේල් 29 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ද ඔහු සම්බන්ධ බවට සඳහන් වේ.
2019 මාර්තු 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මාකඳුරේ මධූෂ්ගේ උපන්දින සාදයක් අතරතුර අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබූ ඔහු, 2023 මැයි 3 වැනිදා ඇප මත නිදහස් වීමෙන් පසු රුසියාවට පලාගොස් ඇති බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකින් ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ බව සඳහන් වේ.
කටුනායක ගුවන් තොටුපොළේදී CID නිලධාරීන් භාරයට ගත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතව තිබිණි.
ඡායා හා සටහන - ටී.කේ.ජී. කපිල (කටුනායක වාර්තාකරු)
රුසියාවේ සැඟවී සිටි ‘රොටුඹ අමිල’ CID අත්අඩංගුවට!
2026-11-20T11:02:00+05:30
Gossip Lanka Hot News







