gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කාවන්තිස්සගේ මරණයට හේතුව අධිකරණයෙන් එළියට

කාවන්තිස්‌ස හස්තියා මිය යෑමට හේතුව ලෙස මහාන්ත්‍රයේ ගැට ගැසිමි සහ ඒ ආශ්‍රිතව සිදු වූ පෙස්ටික් කම්පනය septic ahock සහ ඉන් පසු සිදු වූ බහු අවයව සංකූලතා හේතු වු බවට කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ. විඡේසුන්දර මහතා සිය අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කොට ඇති බව ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මභතා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේ කාවන්තිස්‌ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාල නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවූ අවස්ථාවේදීය.

මහචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ. විජේසුන්දර මහතා විසින් අධිකරණයට යොමු කරනු ලැබ තිබු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවදුරටත් නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පැවසුවේ කාවන්තිස්ස හස්තියාගේ දකුණු පාදය ආශ්‍රිතව නිදන්ගත තුවාල තුනක් නිරීක්ෂණය වී ඇති බවත් ඒවා තුල කිසිදු මූනිස්සම් හෝ උණ්ඩ කොටස් හමුවී නැති බවත්ය.

පශ්චාත් මරණ පරීක්ෂණය අතරතුර හස්තියාගේ දකුණු උදර සහ උරස් බිත්තියේ මූනිස්සම් තුනක් තිබී හමුවී ඇති බවද සදහන් කළ මහේස්ත්‍රාත්වරයා නමුත් ඒවායින් කිසිදු අභ්‍යන්තර අවයව හෝ අස්ථීන්ට හානි වී නොමැති බව අදාල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කර ඇතැයිද කීවේය.

ඒ අනුව මහාචාර්යවරාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් ප්‍රශ්නාර්ථරක් මතු කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.

කාවන්තිස්‌ස මිය යෑමට සිද්ධියට අදාල සියලු විමර්ශන වනජීවි දෙපාර්තමේන්තුවට පවරන ලෙසටත් කාවන්තිස්‌ස හස්තියාගේ වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයූතු ජාත්‍යන්තර විශේෂඥ පශුවෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කරවා ගැනිමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් අතරමැදි පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ නීතිඥවරුන් වන රෝහිත රාජකරූණා සහ බාලක්‍රිෂ්ණන් ප්‍රියංග යන මහත්වරුන් කළ ඉල්ලීම් මහේස්ත්‍රාත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ගමගේ මහතාට මීලග නඩු දීනයේදී අධිකරණයේ පෙනී සිටින ලද නියෝග කෙරිණි.

මෙහිදී වනඡීවි ඡායාරූප ශිල්පි පැතුම් බණ්ඩාර මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේ අලි ඇතුන් සංරක්ෂණයට ගියවර අයවැයෙන් මිලියන 1000 ක් වෙන්කර ඇති බවත් එම මුදල් වැය නොකල වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිය ව්‍යාවත්කාලින සහ පරිපාලනමය වගකීම් පැවරීමෙන් මර නින්දේ පස්වන බවයි.

කාවන්තිස්‌ස හස්තියාගේ මරණයට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට වගකිව යුතු බවටද චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ වසරේ පමණක් අලි ඇතුන් 280 ට වැඩි ප්‍රාවයක් වෙඩි තැබීමෙන් සහ විවිධ අනතුරුවලින් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.

පශු වෛද්‍යවරුන් ‍ඇතාට ප්‍රතිකාර කළද නිසි පසු විපරමක් මෙන්ම අධීක්ෂණයක් කළ බවක් පෙනෙන්නට නැති බවද පවසා සිටි ජනාධිපති නීතීඥවරයා සතකු රෝගාතුර වුව විට කළ යුත්තේ වීඩියෝගත කර rb දැමීම නොවන බවද කියා සිටි ජනාධිපති නීතිඥවරයා හස්තියා රෝගීව බිම වැතිර සිටියදී යමකු එවැනි දෙයක් සිදු කළේ කුමන මානසිකත්වයකින් යන්න ගැටලුවක් බවද පැවසීය.

ප්‍රතිකාර ලබා සුවය ලැබු ඇතා යෑම පිළිබඳව ප්‍රබල සැකයක් පවතින බවත් ඒ අනුව කාවන්තිස්ස හස්තියාගේ මරණයට යුක්තිය ඉටු කරවා ගැනීමට නියෝග ලබාදීමේ බලය මෙම අධිකරණයට පවතින බවත් කීවේය.

best vision සංවිධානය වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ රෝහිත රාජකරැණ මහතා කියා සිටියේ කාවන්තිස්සගේ උදරයේ යට කොටසට වෙඩි වදිනවනමි එසේ සිදුවිය හැක්කේ හස්තියා බිම වැටී සිටියදී මිස හිටගෙන සිටියදී නොවන බවයි.

ඒ අනුව කාවන්තිස්ස මිය යෑමේ සිද්ධිය යේ විමර්ශනවලට අදාලව කාවන්තිස්සගේ රාජකාරි සඳහා යොදවා සිටි වනජීවි නිලධාරින්ගේ ගිනි අවිද සීඅයිඩි ය බාරයට ගත යූතු බවද අවධාරණය කළ නීතිඤවරයා මෙම සිද්ධියේදී වනජීවි නිලධාරින් සහ පශු වෛද්‍යවරුන් සිය රාජකාරි හරිහැටි සිදු කළාද යන්න විමර්ශනයක් කළ යුතු බවද සදහන් කළේය

මිගලෑව වනජීවි අඩවි ආරක්ෂක ඩබ්.එම්.එස්.එස් වීරකෝන් මහතා දීර්ඝව කරුණු දක්වමින් ප්‍රකාශ කළේ කාවන්තිස්‌සගේ රැකවරණ කටයුතු සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වනජීවිය උපරිමයෙන් කටයුතු කර ඇති බවයි.

විවිධ පාර්ශව එල්ල කරන පදනමි විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බවද පවසා සිටි ආරක්ෂකවරයා කාවන්තිස්සගේ පශ්චාත් පරීක්ෂණය සමිබන්ධව මහාචාර්යවරයා නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව තමන්ට මේ මොහොත් අවබෝධයක් නැති බවද කීවේය. 
(උපාලි ආනන්ද)
-lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka