gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රාජාංගනේ හිමි නොවැම්බර් 26 වනදා දක්වා රිමාන්ඩ්... (Video)

ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර සාමය කඩවන ආකාරයෙන් කලහකාරී ලෙස හැසිරී පහරදීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් ලබන නොවැම්බර් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 26 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග නිකුත් කළේය.

පසුගිය නොවැම්බර් 12 වන දින අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලි මහා සෑ රඳුන් අසල පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් උපවාසයක සහ සත්‍යග්‍රහයක නිරතව සිටියහ. එම ස්ථානයට පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් ප්‍රමුඛ පිරිසක් පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන එය පහරදීමක් දක්වා දුරදිග ගියේය.

එම ගැටුමේදී හිසට තුවාල ලැබූ සද්ධාරතන හිමියන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලටද ඇතුළත් කෙරුණු අතර, පුදබිම තුළ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka