gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහ නියගයක් එනවා..

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි සහිත කාලගුණයට හේතු වූ 'එල්නිනෝ' තත්ත්වය දෙසැම්බර් මාසයෙන් පසුව ක්‍රමිකව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින කාලගුණ අනාවැකිවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන ජනවාරි මාසය වන විට එහි උපරිම අගයට ළඟා වනු ඇති බවයි. 

එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ අප්‍රේල් මාසය වන විට දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් හෙවත් නියඟ තත්ත්වයක් නිර්මාණය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද හෙතෙම සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත්, මෙම කාලගුණ විපර්යාසය පිළිබඳව පරිසර අංශ තවදුරටත් දැඩි විමසිල්ලෙන් යුතුව අඛණ්ඩ අධ්‍යයනයන් සිදුකරමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී උද්ගත විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මෙරට කෘෂිකාර්මික බලධාරීන් සහ අදාළ ක්ෂේත්‍ර මේ වන විටත් දැනුවත් කර ඇත. 

වියළි කාලගුණය හේතුවෙන් සිදුවිය හැකි අස්වනු හානිය අවම කරගැනීම සඳහා, අපේක්ෂිත කාලගුණ රටාවන්ට ගැළපෙන අයුරින් ඉදිරි කෘෂි බෝග වගා සැලසුම් වෙනස් කර ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

පසුගිය දිනවල බලපෑ මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 17 කට දැඩි බලපෑම් එල්ල වූ අතර, ප්‍රදේශ රැසක ජල සැපයුම් ජාලයන්ට සහ වගාබිම්වලට ඉන් දැඩි හානි සිදු විය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka