gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එකෙක් ලක්‍ෂ පහ බැගින් බැටළුවන් 2,000ක් ගේන්න අයවැයෙන් බිලියනයක්.. ගජමිතුරු සංග්‍රහයකටද..

මෙරට ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පසුබිමක, බැටළුවන් 2,000ක් ආනයනය කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියනයක දැවැන්ත මුදලක් වෙන් කර ඇත්තේ කුමන පදනමකින් දැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ, මෙම මූල්‍ය ප්‍රතිපාදනය අනුව එක් බැටළුවෙකු වෙනුවෙන් රජය වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් ලක්ෂ 5ක් (500,000ක්) වන බවයි. 

මෙරට කිසිදු පුරවැසියෙකු මෙලෙස බැටළුවන් ඉල්ලා නොසිටි වටපිටාවක, මෙවැනි අසාමාන්‍ය මුදලක් වෙන් කර ඇත්තේ කාගේ හෝ ‘ගජමිතුරු පිරිසක් පෝෂණය කිරීමේ’ රහසිගත ව්‍යාපෘතියකට දැයි ඇය සැක පළ කළාය.

රට තුළ පවතින ආහාර උද්ධමනය පිළිබඳව අවධානය යොමුකළ මන්ත්‍රීවරිය, වත්මන් වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 48 දක්වා යළිත් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නාය. 

විපක්ෂයේ සිටියදී ඉන්දියාවේ ගුජරාටයේ සිට හෙට්ටිපොළ දක්වා අඩු මුදලට බිත්තර රැගෙන ඒමට කතා කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පාලකයන්ගෙන්, දැන් ගුජරාටයේ කිකිළියන් දමන බිත්තර සහ මෙරට කිකිළියන් දමන බිත්තර අතර මිල වෙනස කුමක්දැයි තමන් විමසා සිටින බවද ඇය උපහාසාත්මකව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය කියා සිටියේ, අද වන විට රටේ බාල්දු වන රුපියලටත් වඩා වේගයෙන් කිසියම් දෙයක් බාල්දු වන්නේ නම්, ඒ ජනතා අපේක්ෂා සුනුවිසුනු කළ වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා පමණක් බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka