gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කස්සප හිමියන් ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නැහැ.. කස්සප හිමියන් ඇතුළු පිරිසගේ වෛද්‍ය වාර්තා අධිකරණයට

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා නිකුත් වී තිබේ.

එම වාර්තාවලට අනුව අත්අඩංගුවට ගත් කිසිදු පුද්ගලයකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති බව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට නිල වශයෙන් දැනුම් දී ඇත.

රසායනාගාර හා වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වූ මෙම කරුණු අදාළ නඩු කටයුත්තේදී ඉදිරිපත් කර තිබේ.

මේ අතර, මෙම සිදුවීමට අදාළව තවත් පාර්ශ්වයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සමාජයේ අවධානය යොමුව තිබේ.

අදාළ සත්‍යග්‍රහ භූමියට පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් එහි රැඳී සිටි පිරිසට පහරදී අට්ටාල කඩා දැමූ බවට චෝදනා එල්ල වී ඇති පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවටද අදහස් පළවෙමින් පවතී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka