නාමල්ට තවත් කරදරයක්.. බන්ධනාගාරයේ සරම්ප පැතිරේ.. රැදවියන් පිටතට ගෙනයාම නවතයි..
වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර තුළ රැඳවියන් අතර සරම්ප බෝවන රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන්, සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස කිසිදු රැඳවියෙකු අද (08) අධිකරණ වෙත ඉදිරිපත් නොකිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහ උපදෙස් මත ගනු ලැබූ මෙම හදිසි තීරණය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිල ලිපියක් මඟින් දැනුම් දී ඇත.
ඒ අනුව, අද දිනයේ අධිකරණ හමුවේ කැඳවීමට නියමිතව තිබූ නඩුවලට අදාළ සැකකරුවන් කිසිවෙකුත් අධිකරණ පරිශ්‍ර වෙත රැගෙන නොපැමිණි අතර, අදාළ අධිකරණවල පිහිටි බන්ධනාගාර සිර මැදිරි මුළුමනින්ම පාළුවට ගොස් තිබෙනු දක්නට ලැබිණි.
බන්ධනාගාරය තුළ මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, අධිකරණ නිලධාරීන්, නීතිඥවරුන් සහ සාමාන්‍ය මහජනතාව වෙත රෝගය බෝවීම වැළැක්වීමේ අරමුණින් රැඳවියන් පිටතට රැගෙන ඒම මෙලෙස තාවකාලිකව සීමා කළ බව අධිකරණයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරියෙකු සඳහන් කළේය.
නාමල්ට තවත් කරදරයක්.. බන්ධනාගාරයේ සරම්ප පැතිරේ.. රැදවියන් පිටතට ගෙනයාම නවතයි..
2026-11-09T17:01:00+05:30
Gossip Lanka Hot News





