gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස් ලොක්කියක් ලෙඩ නිවාඩු දමා තුර්කියට පනී!

කැස්බෑව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක, දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රහසිගතව තුර්කිය බලා පිටත්ව යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පුළුල් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අදාළ නිලධාරිනිය පසුගිය 3 වැනිදා සිය රාජකාරි නිමවා නිවස බලා පිටත්ව ගොස් ඇති අතර, පසුදින පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් අමතමින් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සේවයට වාර්තා කිරීමට නොහැකි බව දන්වා තිබේ.

එහෙත් ඇය අඛණ්ඩව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, අසනීප නිවාඩු පැවසූ ඇය පසුගිය 5 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ තුර්කිය බලා පිටත්ව ගොස් ඇති බවයි.

රාජකාරිය පැහැරහරිමින්, දෙපාර්තමේන්තුවේ කිසිදු පූර්ව අනුමැතියකින් තොරව මෙලෙස නීතිවිරෝධී ලෙස විදේශගත වීම සලකා ඇයට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka