gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තමන්ට අවශ්‍ය තීන්දු ගන්න සියළු අධිකරණවල Bench Fixing කරනවා..

තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය මෙන්ම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුලු පවා මේ ආකාරයෙන් සකස් කෙරෙන බවයි. 

එමෙන්ම කොළඹ කොටුව සහ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණවල තනතුරු දරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ද එම ක්‍රියාවලියේම කොටසක් බව ඔහු සඳහන් කළේය.

ලැබෙන ප්‍රතිඵල, එම ස්ථානවල සිටින පුද්ගලයින් සහ ලබා දෙන තීන්දු දෙස බැලීමේදී මෙම තත්ත්වය පැහැදිලිව පෙනෙන බව පැවසූ මන්ත්‍රීවරයා, අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරෙන අභියාචනා අවසර ඉල්ලුම්පත් අද වන විට ඉදිරියට යන්නේ ඉතා කලාතුරකින් බව ද ප්‍රකාශ කළේය. 

ඒ සියල්ල විභාග කරනු ලබන්නේ එකම විනිශ්චය කණ්ඩායමක් විසින් බවත්, ඊට අදාළ තොරතුරු තමන් සතුව පවතින බවත් හෙතෙම පැවසීය.

සෑම දෙයකටම සීමාවක් පවතින බව පෙන්වා දුන් අජිත් පෙරේරා මහතා, නීතියේ ආධිපත්‍යය, පොලිසිය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ ආයතන කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටුණහොත් එහි ප්‍රතිවිපාකවලට සියලු දෙනාටම මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය. එබැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස තමන් බැගෑපත්ව ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.

ලෝකයේ හොඳම අධිකරණ පද්ධතිය නොවුණත් වැදගත් හා ප්‍රමිතියකින් යුත් අධිකරණ පද්ධතියක් මෙරට තිබූ බවත්, වර්තමානයේ ඉදිරි පෙළේ සිටින අමාත්‍යවරුන්ට පවා එහි සහන හිමිවූ අතර ඒ වෙනුවෙන් තමන් ද මැදිහත් වූ බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

අයුක්තියට සහ ඒකාධිපති බලයට එරෙහිව පෙනී සිටිමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය පවා කර තබාගෙන ගිය ඉතිහාසයක් තමන්ට ඇති බව පැවසූ ඔහු, එදා තමන් සමඟ එකම වේදිකාවේ සිටි පිරිස් අද පාලන බලය හොබවමින් පීඩනය සහ මර්දනය පමණක් තෝරාගෙන තිබීම කනගාටුදායක බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-lankacnews
gossip lanka
ad space
ad here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka