gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආදායම් බදු වාර්තා ගොනු කිරීමට දෙසැම්බර් 14 දක්වා සහන කාලයක්

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා ලබාදී තිබූ අවසන් දිනය වන 2026 නොවැම්බර් 30 වැනිදා වෙනුවට, ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් නොවැම්බර් 30 වැනිදාට පෙර සිය බදු වාර්තා ගොනු කළ යුතුය.

කෙසේ වෙතත්, මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනු කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, නොවැම්බර් මාසය තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී පද්ධතියේ තදබදයක් හටගෙන තිබේ.

එම පද්ධතිමය ප්‍රමාදයන් හේතුවෙන් බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත කාලය තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමට මතුව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර සිය බදු වාර්තා ගොනු කරන බදු ගෙවන්නන්ට එරෙහිව දඩ පැනවීම්, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම් හෝ දේශීය ආදායම් පනත යටතේ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාර්ෂිකව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින්, ඉදිරි වර්ෂවලදී නියමිත අවසන් දිනයට පෙර හැකි ඉක්මනින් බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත්, මෙවර ලබාදී ඇති සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
gossip lanka
ad space
ad here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka