gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අතුරුදන් වූ ‘සුනාමි ගලි බවුසරය’ ගැන වසර විස්සකට පසු විගණන පරීක්ෂණයක්!

වසර 20කට පමණ පෙර අතුරුදන් වී වසර ගණනාවකට පසු සැතපුම් ගණනාවක් දුරින් තිබී හමු වූ මළ අපද්‍රව්‍ය බවුසරයක් (ගලි බවුසරයක්) සම්බන්ධයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාව විගණන පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

සිකුරාදා පැවැති හබරාදුව ප්‍රාදේශීය සභා රැස්වීමේදී, සුනාමි සහන කටයුතුවල කොටසක් ලෙස 2005 වසරේදී හංගේරියානු රජය විසින් පරිත්‍යාග කරන ලද, 2006 වසරේදී අලුත්වැඩියා කටයුතු සඳහා මීගමුවට යැවීමෙන් පසු අතුරුදන් වූ රුපියල් මිලියන 4ක් වටිනා ගලි බවුසරය පිළිබඳව මෙලෙස කරුණු මතුවිය.

පසුව එය එම ප්‍රදේශයේ පාළු අංගනයක කොටස් ගලවා දමා තිබියදී සොයාගැනිණි.

මෙම බවුසරය ප්‍රධාන කළමනාකරුගේ අධීක්ෂණය යටතේ පැවැති අතර, අලුත්වැඩියා කටයුතු භාරගත් සමාගම වෙත කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී එහි ට්‍රේලරය සහ ටැංකිය අතුරුදන් වී ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, 2017 වසරේදී සිදු කළ වෙනම සෝදිසියකදී බවුසරයේ මළකඩ කෑ කොටස් පාළු ඉඩමක තිබී සොයාගෙන ඇත.

බවුසරයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීම සඳහා මෙම විගණන පරීක්ෂණය පවත්වන බව ප්‍රාදේශීය සභාවේ සභාපති දක්ෂිණ රවිනාත් පවසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka