සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තියම ඉවත් කළ යුතුයි… වගන්ති 67න් 52ක් ව්‍යවස්ථාවට පටහැනියි… සංශෝධනය කළොත් සම්මත කළ හැකියි…! – ශ්‍රේෂ්ඨාධීකරණය…
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ වගන්ති 67න් 52ක් (සහ 6 වැනි වගන්තිය ඉවත් කිරීම ඇතුළුව සමස්ත වගන්ති 53ක්) සංශෝධනය කිරීමට යටත්ව පමණක් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.
කතානායකවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය පසුගියදා (21) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ එම සංශෝධනවට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එම කෙටුම්පත සම්මත කළ හැකි බවයි.
මෙම තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවය.
ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලබා දුන් නිර්දේශ අනුව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65, සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතුය.
එමෙන්ම කාරක සභා අවස්ථාවේදී 6 වන වගන්තිය සම්පූර්ණයෙන්ම පනත් කෙටුම්පතෙන් ඉවත්කළ යුතු අතර, 15, 16, 17 සහ 33 යන අයිතම පළමු උපලේඛනයෙන් ඉවත් කළ යුතු බවත් එවකට වැඩබලන නීතිපතිවරයා විසින් යෝජනා කර තිබූ බවද මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසත් මෙහිදී නියම කළේය.
-emanisa
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තියම ඉවත් කළ යුතුයි… වගන්ති 67න් 52ක් ව්‍යවස්ථාවට පටහැනියි… සංශෝධනය කළොත් සම්මත කළ හැකියි…! – ශ්‍රේෂ්ඨාධීකරණය…
2026-11-23T16:19:00+05:30
Gossip Lanka Hot News






