යාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21ක් අත්අඩංගුවට...
යාපනය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ දරුණු ගැටුමකට අදාළව එම පීඨයේ සිසුන් 21 දෙනෙකු කෝපායි පොලීසිය මගින් හදිසියේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගැටුමේදී පේපර් කටර් ආධාරයෙන් සිදුකළ පහරදීම් හේතුවෙන් කැපුම් තුවාල ලැබූ සිසුන් පස් දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදීම රෝහල් බලධාරීන්ට කිසිදු දැනුම්දීමකින් තොරව රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පීඨයේ දෙවන සහ තෙවන වසරවල ශිෂ්‍ය පාර්ශ්වයන් දෙක අතර කලක පටන් පැවති පෞද්ගලික සහ කණ්ඩායම් ආරවුලක් මෙම ප්‍රචණ්ඩ ගැටුම දක්වා දුරදිග ගොස් ඇති බවයි.
බහින්බස්වීමකින් ආරම්භ වූ මෙම ගැටුමේදී එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය ඉලක්ක කර තියුණු පේපර් කටර් උපයෝගී කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද වෙනම අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
යාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21ක් අත්අඩංගුවට...
2026-11-21T23:19:00+05:30
Gossip Lanka Hot News






