gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සරත් එන්. සිල්වාගේ කාලයේ ලබාදුන් තීන්දු ගැන සොයාබැලිය යුතුයි - කැබිනට් ප්‍රකාශක කියයි

ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීමට ආණ්ඩුව සුදානම් ද සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ජනමාධ්‍යවේදියෙකු විමසීමක් කළේය.

ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකතුමන් බන්ධනාගාරයෙන් අධිකරණයට හෝ වෙනත් ස්ථානයකට රැගෙන ඒමේදී කුමන ආකාරයෙන් කටයුතු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි වෙනස් කිරීම සඳහා වන වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

ඒ සඳහා පත් කළ කමිටුවේ වාර්තාව මෙම සතිය තුළදී ලබාදීමට නියමිත බවත්, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන විමසීමකින් අනතුරුව විෂයභාර අමාත්‍යවරයාට පවතින බලතල අනුව එම රෙගුලාසි ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී පැහැදි කළේය.

ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළේ මෙම ප්‍රශ්නය බවත්, එම ප්‍රශ්නය සඳහා රජය මැදිහත් වී විසඳුමක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර ඥානසාර භික්ෂුවට ලබාදී ඇති සිරදඬුවම පිළිබඳ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පළ කර ඇති අදහස් සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවක් පෞද්ගලික පලිගැනීමක් ලෙස හිටපු අගවිනිසුරුවරයා අර්ථ දක්වන්නේ නම් එයින් අදහස් වන්නේ ඇතැම්විට ඔහු එම ධුරයේ සිටින කාලය තුලදී එවැනි තීන්දු ලබා දී ඇති බව යන්නයි.

නමුත් වත්මන් රජය එලෙස සිදු නොවූ බව විශ්වාස කරන බවත්, අධිකරණය සෑමවිටම ස්වාධීන බව විශ්වාස කරන බවත්, නමුත් හිටපු අගවිනිසුරුවරයෙකු තීන්දුවක් පෞද්ගලික පලිගැනීමක් බව පවසන්නේ නම් ඔහුගේ ධූරකාලයේ ලබාදුන් තීන්දු පිළිබඳව සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka