gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කථානායක සාක්කි කන්දකට කොටුවෙයි... නිල නිවසේ සේවක අටක් අල්ලසෙන් කැදවයි!

කථානායකවරයාගේ නිල නිවසේ භාවිත වූ භාණ්ඩ වට්ටෝරු පොත (ඉන්වෙන්ටරි පොත) අතුරුදන්වීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එහි සේවකයින් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම සිදු කර ඇත. ඊට අමතරව, අතුරුදන්ව ඇති එම භාණ්ඩ ලේඛන පොත ද කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම සේවකයින්ට වැඩිදුරටත් නියෝග කර තිබේ.

එම නියෝගයට අනුව, අදාළ සේවකයින් අතුරින් එක් අයෙකුගෙන් පසුගිය 02 වැනිදා අල්ලස් කොමිසම හමුවේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

සෙසු සේවකයින් හත්දෙනා ඉදිරි 12, 13, 15 සහ 16 යන දිනවලදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබූ පසුබිමක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇති බව අනාවරණය වේ.

මෙම අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් කථානායක නිල නිවසේ කළමනාකාරවරයා වන පසන් අතුකෝරල මහතාගෙන් ද අල්ලස් කොමිසම පසුගියදා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka