gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මං ජනාධිපති නං ඥාණසාර හිමිගේ සිවුර ගැලෙවු කෙනා කණෙන් අල්ලා දොට්ට දාන්නේ - දිඹුලාගල හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර බන්ධනාගාර ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තමන් සතු නොවන බලතල පාවිච්චි කර ඇති බවත්, තමන් ජනාධිපති ධුරයේ සිටියේ නම් එම නිලධාරියා කනෙන් අල්ලා දොට්ට දමන බවත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ ප්‍රකාශ කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ අවධාරණය කළේ, සිදුව ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පූර්ණ වගකීම භාරගෙන සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.

"මෙරට ඉතිහාසය පුරාම කහ සිවුරට ඇත්තේ අතිමහත් ගෞරවයක් සහ අභිමානයක්. එහෙත් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගත් මෙම අත්තනෝමතික තීරණය නිසා සමස්ත බෞද්ධ ජනතාවම බලවත් කෝපයට පත්ව සිටිනවා. මෙම තීරණය හේතුවෙන් රජය පවා දැඩි අපහසුතාවට පත්වුණා. බන්ධනාගාරගතව සිටින වැරදිකරුවෙකුට වුවද අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී තමන් කැමති ඇඳුමක් ඇඳීමේ අයිතිය නීතියෙන් හිමිව තිබියදී, බන්ධනාගාර කොමසාරිස්වරයා නීතිය ඉක්මවා කටයුතු කර තිබෙන බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් පවා පෙන්වා දී තිබෙනවා.

කවුරුන් කීවත් තමන්ට නැති බලතල පාවිච්චි කරන්න කිසිදු නිලධාරියෙකුට අයිතියක් නැහැ. මම ජනාධිපති පුටුවේ හිටියා නම් ඔය මනුස්සයාව කනෙන් අල්ලා එළියට දමනවා. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් වරප්‍රසාද භුක්ති විඳින නිලධාරීන්ට මහා සංඝරත්නය සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට ඉඩ දිය නොහැකියි."

ඥානසාර හිමියන් ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් හෝ වංචා දූෂණ සිදුකළ අයෙකු නොවන බවත්, පසුගිය යුද සමයේදී වැලිකන්ද ඇතුළු ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් විශාල දායකත්වයක් ලබාදුන් සුවිශේෂී හිමිපමක් බවත් සිහිපත් කළහ.

"රටට සිදුවන අනතුරු දැක ආවේගශීලීව තම දිව පාලනය කරගත නොහැකිව සිදුකළ ප්‍රකාශයක් වෙනුවෙන් උන්වහන්සේ නීතිය හමුවේ දඬුවම් විඳිනවා. එහෙත් සංඝරත්නය මේ ආකාරයෙන් අපහසුතාවට ලක්කිරීමට කිසිදු නිලධාරියෙකුට ඉඩ තැබිය නොහැකියි. මේ සිදුවීම පිටුපස කිසියම් බලවේගයක් තිබෙනවා නම් වත්මන් පාලකයන්ට මෙලෙස රට පාලනය කරන්න බැහැ. ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදී ඇත්තේ මෙවැනි දේ බලා සිටීමට නොවේ."

මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්ව මධ්‍යස්ථව හා උපේක්ෂා සහගතව කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවත්, එසේ නොවන්නේ නම් මහා සංඝරත්නය කිසිසේත්ම පසුබට නොවී සුදුසු පියවර ගන්නා බවත් දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka