වස් කවිය ගැන කාගෙන්වත් ප්රකාශ ගත්තේ නෑ - පොලිසිය
දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් ‘වස් කවියක්’ සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවට නීතිඥ සුදත් වික්රමරත්න මහතා මාධ්ය වෙත සිදුකළ ප්රකාශය සම්පූර්ණයෙන්ම සත්යයෙන් තොර අසත්ය ප්රකාශයක් බව දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති විසින් බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, කොළඹ දිසාව භාර නියෝජ්ය පොලිස්පති, මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, කොළඹ උතුර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙන්ම පොලිස් මාධ්ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වෙත විශේෂ වාර්තාවක් මඟින් මේ බව තහවුරු කර ඇත.
එම වාර්තාව මඟින් ස්ථානාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දෙමටගොඩ පොලිසිය මඟින් වස් කවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර විමර්ශනය කර හෝ පැමිණිල්ලක් සටහන් නොකර හෝ කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි.
පොලිස් ස්ථානයේ නිල ලේඛන සවිස්තරව පරීක්ෂා කිරීමේදී සහ රාජකාරියේ නියුතු නිලධාරී - නිලධාරිනියන්ගෙන් ඒ පිළිබඳව විමසීමේදී එවැනි කිසිදු ක්රියාවලියක් සිදුව නොමැති බව නිරීක්ෂණය වූ බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව, නීතිඥ සුදත් වික්රමරත්න මහතා විසින් දෙමටගොඩ පොලිසිය සම්බන්ධ කරගනිමින් මාධ්ය හමුවේ සිදුකළ ප්රකාශය කිසිදු පදනමක් නොමැති, මුළුමනින්ම අසත්ය කරුණක් බව තමන් වගකීමෙන් යුතුව වාර්තා කරන බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
වස් කවිය ගැන කාගෙන්වත් ප්රකාශ ගත්තේ නෑ - පොලිසිය
2026-10-23T10:51:00+05:30
Gossip Lanka Hot News





