gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොස්පේට් සමාගම් 3කින් ලක්ෂ 83ක අල්ලස් ගත් චෝදනාවට චාමර සම්පත් නොවැම්බර් 06 දක්වා රිමාන්ඩ්!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන මස 06 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

සැකකාර චාමර සම්පත්, සිද්ධියට අදාලව තුන්වැනි සැකකරු ලෙස නම් කර ඇති බවද අල්ලස් කොමිසම දන්වා සිටියා.

සිද්ධියට අදාලව විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka