ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය එයි.. උණුසුම් තත්වයක්...
බන්ධනාගාරගතව පසුවන පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්යානයේ සංවිධානය කර තිබූ සත්යග්රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ උද්යාන භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත නොවී වහාම ඉන් ඉවත් වන ලෙස කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත දැනුම් දෙනු ලැබිණි.
ඒ, එම විරෝධතාව වළක්වාලමින් කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවෙන් ලබාගත් විශේෂ තහනම් නියෝගයක් ප්රකාශයට පත් කරමිනි.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් එම නියෝගය ඉදිරිපත් කරමින් ස්ථානයෙන් ඉවත් වන ලෙස කළ දැනුම්දීමත් සමඟ සත්යග්රහයේ නිරත හිමිවරුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන් තත්වයක් නිර්මාණය විය.
අධිකරණ තීන්දුවකට අනුව සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල විවිධ පාර්ශ්ව මගින් බලපෑම් එල්ල වෙමින් පැවති අතර, එහි තවත් පියවරක් ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් විහාරමහාදේවි උද්යානයේ මෙම විරෝධතා සත්යග්රහය ආරම්භ කර තිබිණි.
මහජන සාමයට බාධා සිදුවන බව පවසමින් පොලිසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කර මෙම රැඳී සිටීම වැළැක්වීමේ නියෝගය ලබාගෙන තිබේ.
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය එයි.. උණුසුම් තත්වයක්...
2026-10-22T23:43:00+05:30
Gossip Lanka Hot News





